බංග්ලාදේශය සමඟ එක්දින තරඟාවලිය සුපිරි පිතිකරුවෙකුට අහිමි වෙයි

Thursday, 23 March 2017 - 10:11

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම  සහ  ශ්‍රීලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමේ අවස්ථාව සුපිරි වමත් පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා.

ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරඟයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන්.  

කෙසේ වෙතත් කුසල් ජනිත් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති  පුහුණු එක්දින තරඟයේ දී කුසල් ජනිත් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශ - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය ලබන සෙනසුරාදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.