ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින තරඟය අද

Saturday, 25 March 2017 - 7:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමුවැන්න අද දිවා රාත්‍රී තරඟයක් ලෙස රන්ගිරි - දඹුළු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, අද ආරම්භ වන එක්දින තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට 2019 අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවසනවා.

එමෙන්ම, ජයග්‍රාහී කණ්ඩායමට අයි.සී.සී. එක්දින දර්ශකයේ ඉදිරියට ගමන් කිරීමට ද හැකිවනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මෙන්ම පිතිකරු කුසල් ජනිත් පෙරේරා පළමු තරග දෙකෙන් ඉවත් කර ඇත්තේ ආබාධ තත්වයක් හේතුවෙන්.

ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති පුහුණු තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ සඳහන් කලේ කුසල් විවේක ගන්වා තිබුන ද දෙවන එක්දින තරගයට පෙර ආබාධය සුවවුව හොත් දඹුල්ලේදී පැවැත්වෙන තරගයට කුසල් ජනිත් එක්කර ගැනීමට කටයුතු කරන බවයි.

ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ යළිත් ලකුණු අතරට පැමිණෙමින් සිටින කුසල් ජනිත් ආබාධයකට ලක්වීම එතරම් සුබදායී තත්වයක් නොවන බවයි.

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කල ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ල / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් / අසේල ගුණරත්න / දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක ද ඇතුලත්.

සුරංග ලක්මාල් / ලහිරු කුමාර / විකුම් සංජය / තිසර පෙරේරා / සචිත් පතිරණ / සීක්කුගේ ප්‍රසන්න සහ ලක්ෂාන් සඳකැන් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.