කුලසේකර හදිසියේ කැඳවයි

Monday, 27 March 2017 - 9:45

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කුලසේකරට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා ඕස්ට්‍රේලියාව සමඟ නිමාවූ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දී කුලසේකර දක්ෂතා දැක්වීමට සමත් වුණා.

බංග්ලාදේශය සමඟ දෙවන එක්දින තරඟය හෙට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.