මේ වසරේ ජුලි මාසයේ ඉන්දියාවේ රන්චි හිදී පැවැත්වෙන 22 වන ආසියානු මළල ක්රීඩා තරඟාවලියට ක්රීඩක ක්රීඩිකාවන් තේරීම සදහා පැවැත්වෙන දේශීය තරඟාවලියේදී නව ජාතික වාර්තා 3 ක් බිහිවී තිබෙනවා.
දියගමදී පැවැත්වෙන මෙම තරඟාවලියේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් වූයේ විනාඩි 2 යි තත්ත්පර 2 යි දශම 5 යි 5 කින් ඉසව්ව නිම කරමින්.
එතෙක් එම වාර්තාව ඉසුලූ නිමාලි ලියනාරච්චි ද සිය වාර්තාව අභිබවා යමින් ඉසව්වේ දෙවන ස්ථානයට පත් වුණා.
මීට අමතරව, මීටර් 47 යි දශම 9 යි 3ක දක්ෂතාවක් ප්රදර්ශනය කරමින් ආර්.කේ.ඒ මදුවන්ති මිටිය විසිකිරීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවනු ලැබුවා.
යාපනය නියෝජනය කරමින් තරඟාවලියට සහභාගි වූ අනීතා ජෙගදීස්වරන් රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබූයේ මීටර් 3 යි දශම 4 යි 5 ක් උස පනිමින්.