මුරලි සදාතනික විශිෂ්ඨයන් අතරට

Wednesday, 19 April 2017 - 18:09

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%AF%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙත පිරිනමන ඉහළම සම්මානය වන (ICC Hall of  Fame) සම්මානය ලබාදිම සඳහා මුත්තයියා මුරලිදරන් නම්කර තිබෙනවා.

ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය විසිනුයි මෙම සම්මානය පිරිනමනු ලබන්නේ.

මෙම සම්මානය සඳහා නිර්දේශ වු පළමු ලාංකික ක්‍රීඩකයා ද මුත්තයියා මුරලිදරන් වීම විශේෂත්වයක්.

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන මුත්තයියා මුරලිදරන් සදාතනික විශිෂ්ඨයන් අතරට එක් කිරීම ජූනි මාසයේදී සිදුවන බවයි අද වාර්තාවුණේ.

ජූනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අතරතුර ඊට  අදාළ නිල උත්සවය පැවැත්වීමට නියමිතයි.

2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් මුරලිදරන් එක්දින කඩුලු 534 කට හිමිකම් කියනවා.

එමෙන්ම ඔහු ලබාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 534 ක්.

20 යි 20 තරගවලදී සුපිරි දග  පන්දු යවන්නා කඩුලු 13 ක් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් ඉනිම 67 කදී  කඩුලු 5 බැගින් ලබාගෙන තිබීම ද මුරලිගේ තවත් විශේෂත්වයක්.

1993 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් සිදුකල මුත්තයියා මුරලිදරන් 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම ද නියෝජනය කළා.