%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Friday, 21 April 2017 - 7:12
මුම්බායි පිලට ජය
19,532

Views
අයි.පී.එල් තරගාවලියට අදාළව ඊයේ (20) පැවති තරගයකදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල පරදවා කඩුලූ 8 ක විශිෂ්ඨ ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් පිල සිය පන්දුවාර 20 තුළදී කඩුලූ 4 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා.

හෂිම් අම්ලා එහිදී පන්දු 60 කදී නොදැවී ලකුණු 104 ක් රැස් කිරීමට සමත් වුණා.

හෂීම් අම්ලා ඊයේ රැස් කළේ සිය පළමු 20 යි 20 ශතකයයි.

ඔහු ලබාගත් ලකුණු 104 ට හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් ඇතුලත් වුනා.

පිළිතුරු වශයෙන් මුම්බායි පිල පන්දුවාර 15 යි පන්දු 3 ක දී ලකුණු 199 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

ජොස් බට්ලර් එහිදී පන්දු 37 ක දී ලකුණු 77 ක් රැස් කළ අතර, නිටිෂ් රානා පන්දු 34 කදී නොදැවී ලකුණු 62 ක් රැස් කළේ 6 පහර 7 ක් ද සමගින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE