%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Friday, 21 April 2017 - 12:44
මිස්බා - යුනිස් ඛාන් සමුගන්නා ටෙස්ට් තරගාවලිය අද
59

Shares
7,175

Views
පාකිස්ථාන ක්‍රිකට් පිලේ ප්‍රවීණතම ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මිස්බා උල්හක් සහ යුනිස් ඛාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන පාකිස්ථාන - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අද (21) ආරම්භ වනවා.

ඒ ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයෙන්.

මීට වසර 4 කට පමණ පෙර ප්‍රවීන ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර පිිටියෙන් සමුගත් ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ද කොදෙව් පිලට එරෙහිවයි.

කොදෙව් පිල සමග පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේදී තවත් ලකුණු 23ක් රැස් කර ගතහොත්  යුනිස් ඛාන්ට ටෙස්ට් ලකුණු දස දහස ඉක්මවූ ප්‍රථම පාකිස්ථාන ක්‍රීඩකයා බවට පත්වීමට හැකිවනවා.

යුනිස් ඛාන් 39 වන වියේ පසුවන අතර 42 හැවිරිදි මිස්බා උල්හක් දැනට ටෙස්ට් තරග 72 කට සහභාගි වී ශතක 10 ක් සමග රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4351 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :