%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA
Friday, 21 April 2017 - 16:21
කොළඹට ජයගෙනා සුපිරි තරඟය
112

Shares
13,499

Views
සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 106 කින් ජය ගන්නට කොළඹ කණ්ඩායම ඊයේ සමත් වුණා.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයින් පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් රැස් කළා.

කොළඹ කණ්ඩායමේ ජය තහවුරු කරමින් සුපිරි ඉනිමකින් දිනේෂ් චන්දිමාල් ලකුණු 76 ක් රැස්කළා.

දිල්ෂාන් මුණවීර ලකුණු 52 ක් ලබාගත්තා.

පන්දු යැවිමේදී නුවන් ප්‍රදීප් කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයින් පන්දුවාර 38 කදී සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 182 ක්.

සචිත් පතිරණ ලකුණු 46 යි.

චාමර කපුගෙදර ලකුණු 36 ක් ලබාගත්තා.

පන්දු යැවිමේදී සචිත්‍ර සේනානායක සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.



කොළඹ කණ්ඩායමේ ඉනිම

Dinesh Chandimal 76,
Dilshan Munaweera 52,
Lahiru Thirimanne 49,
Wanindu Hasaranga 49,

Nuwan Pradeep 3/56,
Charith Asalanka 2/32

මහනුවර කණ්ඩායමේ ඉනිම

Sachith Pathirana 46,
Chamara Kapugedera 36,
Sandun Weerakkody 29,

Wanindu Hasaranga 3/37,
Sachithra Senanayake 3/39,
Dilshan Munaweera 2/18


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE