මුම්බායි සහ පූනේ කණ්ඩායම්වලට ජය

Sunday, 23 April 2017 - 7:42

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියට අදාළව ඊයේ පැවති තරඟවලින් රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් ජය වාර්තා කළා.

ඊයේ පළමු තරඟය පූනේ නුවරදී පැවැත්වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතරයි.

එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පූනේ කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 179 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

මුම්බායි නුවරදී ඊයේ පැවති අනෙක් තරඟය පැවැත්වුණේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් අතරයි.

එහිදි පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 8 ක් දැවී රැස් කළේ ලකුණු 142 ක් පමණයි.

කෙසේ නමුත් දිල්ලි පිල පන්දු වාර විස්ස තුළදී කඩුලූ 7 ක් දැවී ලකුණු 128 කට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී නවසීලන්ත ක්‍රීඩක මිචෙල් මැක්ලෙනහන් ලකුණු 24 කට කඩුලූ තුනක් බිඳ හෙලූ අතර ජස්ප්‍රිට් මුම්රා ලකුණු 21 කට කඩුලූ 2 ක් බිඳ හෙලූවා.

මෙම තරගය සඳහා මුම්බායි පිල වෙනුවෙන් ලසිත් මාලිංග හෝ දිල්ලි පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්.

ඔවුන් ඊයේ තරගයට එක් නොවීමට හේතුව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මීට පෙර සහභාගී වු තරග කිහිපයකදී ද කණ්ඩායම නියෝජනය නොකළ බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.