IPL පිටිය උණුසුම් කළ Ball Boy ගේ උඩපන්දු රැකීම

Sunday, 23 April 2017 - 15:41

IPL+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+Ball+Boy+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%A9%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8
ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියට අදාළව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ  දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 142 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊයේ තරගය අතර සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබදව ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු වුණා.

මෙම සිදුවීමට වන්කඩේ ක්‍රීඩා පිටියේ තරඟ නරඹමින් සිටි අයෙක්  සම්බන්ධ වීම විශේෂත්වයක් වනවා.

මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුවට ජෝෂ් බට්ලර් වේගවත් පහරක් එල්ල කරනවා.

එම අවස්ථාවේ ඉහළින් ඇදීයන පන්දුව හයේ සිමාවේ පතිතවීමට පෙර තරඟය නරඹමින් සිටි ක්‍රීඩා පිටියෙන් පිටතට යන පන්දු ක්‍රීඩකයන්ට ඇහිද දෙන පුද්ගලයෙකු (Ball Boy) වේගයෙන් දිව විත්  බට්ලර් එල්ල කරන පහර උඩ පන්දුවක් ලෙස ඉතා දක්ෂ අන්දමින් රැකගනු ලබනවා.

එම අවස්ථාව පහතින්...