සමුගැනීම පිළිබදව මාලිංගගෙන් ඉඟියක්

Sunday, 23 April 2017 - 16:25

%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග 2004 වසරේ සිට ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ලසිත් මාලිංග පසුගියදා ඔහුගේ සමුගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ \"තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි බවත් දෙදෙනාම එකටම ක්‍රිකට් පිටියෙන් සමු ගනීවි \" යනුවෙනි.

ආබාධයක් හේතුවෙන් පසුගිය වසරක පමණ කාලයක් ලසිත් මාලිංගට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වුණා.

මාලිංග වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත්තේ එම කාලය තුල ඔහු පෙර ක්‍රීඩා කළ තරගවල වීඩියෝ නරඹමින් ඒ පිළිබවද වැඩිපුර අධ්‍යයනය කිරීම් කළ බවයි.

දක්ෂතා නොමැතිව කණ්ඩායම තුල රැදී සිටීමට අදහසක් නොමැති බවද මාලිංග මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.