මිස්බා 99 යි

Tuesday, 25 April 2017 - 13:51

%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+99+%E0%B6%BA%E0%B7%92
සිය සමු ගැනීමේ ටෙස්ට් තරඟාවලියට සහභාගි වන පාකිස්තාන ක්‍රීඩක මිස්බා උල්හක් ඊයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශතකය සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන්.

තරඟයේ 4 වන දිනය වූ ඊයේ කොදෙව්වන් මුල් ඉනිම සඳහා ලබා ගත් ලකුණු 286ට පිළිතුරු ලෙස පාකිස්තාන පිළ ලකුණු 407ක් රැස් කළා.

එහිදී මිස්බා උල් හක් නොදැවී ලකුණු 99ක් ලබා ගත් අතර ඔහුගේ අනෙක් පසින් සියලු ක්‍රීඩකයන් දැවී යාම නිසා ක්‍රීඩාගාරයට යාමට සිදුවූයේ ශතකයට එක් ලකුණක් අඩුවෙන්.

මෙම තරඟාවලියෙන් පසු සමු ගන්නා යුනිස් ඛාන් ලකුණු 58ක් රැස් කළා.

කොදෙව් පිළ සිය දෙවන ඉනිම සඳහා ඊයේ දිනය අවසන දී කඩුලු 4ක් දැවී ලකුණු 93ක් ලබා සිටියා.