ශූරයන්ගේ කුසලානයට යන පකිස්ථාන සංචිතය නම් කරයි

Tuesday, 25 April 2017 - 21:44

%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වන පකිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

උමාර් අක්මාල් සහ අසාර් අලි මෙම සංචිතයට නම් කර තිබීම  විශේෂත්වයක්.  

පසුගිය ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලිය 4 ට එකක් ලෙස පරාජයට පත්වීමෙන් පසු ඔවුන් දෙදෙනා සංචිතයට නම් කළ පළමු අවස්ථාව මෙයයි.

කොදෙව්වන් සමග පසුගියදා පැවති එක්දින තරගාවලියට නම් කෙරුනු සංචිතයට ද උමාර් අක්මාල් සහ අසාර් අලි කැඳවා තිබුනේ නැහැ.

පකිස්ථාන කණ්ඩායමේ හිටපු උප නායකයකු වන සෆ්රාස් අහමඩ් විසිනුයි ශූරයන්ගේ කුසලානයට යන සංචිතය මෙහෙයවනු ලබන්නේ.

පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී තරගාවලියේ වීරයා බවට ද පත්වු පිතිකරු කම්රන් අක්මාල් මෙම සංචිතයට නම්කර නැහැ.

නවක ක්‍රීඩකයකු වන ෆහීම් අශ්රෆ් ද සංචිතයට එක්වී ඇති අතර පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති නවකයකු වන ෆකාර් සමන් ද ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් වන සංචිතයට නම්කර තිබෙනවා.

අහමඩ් ශේසාද් / මොහොමඩ් හෆීස් / බාබර් අසාම් / ශොයිබ් මලික් / ඉමාඩ් වසීම් / මොහොමඩ් අමීර් / වහාබ් රියාස් / ජුනයිඩ් ඛාන් / හසන් අලි සහ ශඩාබ් ඛාන් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පකිස්ථානය තරගවදින්නේ බී කාණ්ඩය යටතේයි.

ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ඉන්දියාව සමගයි ජුනි 4 වනදා ඔවුන්ගේ පළමු තරගය පැවැත්වෙන්නේ.

අනතුරුව ජුනි 7 වනදා දකුණු අප්‍රිකාව සමග සහ ජුනි 12 වනදා ශ්‍රී ලංකාව සමග පකිස්ථානය තරග වැදීමට නියමිතව තිබෙනවා.