ශූරයන්ගේ කුසලාන තරගාවලියට නම් නොදුන් රටක් ගැන හෙළිවෙයි

Wednesday, 26 April 2017 - 17:49

%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන සංචිතය මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදීමට ඉන්දියාව අපොහොසත්වී තිබෙනවා.

එම සංචිත ඊයේ දිනය වන විට ලබාදිය යුතු වනවා.

එහෙත් මෙතෙක් ඉන්දියාව එම නම් ක්‍රිකට් කවුන්සිලයට ලබාදී නොමැති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

තම ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවල දෝශ කිහිපයක් හේතුවෙන් සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වු බව ඉන්දියාව ක්‍රිකට් කවුන්සිලයට දන්වා ඇතැයි සඳහන්.

මෙවර ශූරයන්ගේ කුසලානයට සහභාගී වන අනෙක් රටවල් 7 මේවන විටත් සිය සංචිත ප්‍රකාශයට පත්කර අවසන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ලේකම්වරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සැසිවාරයක් සඳහා සහභාගී වෙමින් සිටිනවා.

එමෙන්ම නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් කණ්ඩායම තේරීමට අවශ්‍ය පාර්ශව එක් ස්ථානයක රැස්වීමට නොහැකි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා ඇත්තේ.

මෙම ප්‍රමාදය පිළිබඳ අවශ්‍ය පාර්ශව දැනුවත් කර ඇති අතර කඩිනමින් තම සංචිතය නම්කරන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.