පකිස්ථානයේ තීරණය ගැන බංග්ලාදේශය පුදුමයෙන්

Thursday, 27 April 2017 - 19:54

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සිය රටේ තරග සංචාරයකට එක්වීම හදිසියේ අත්හිටුවීම පිළිබඳ තමන් පුදුමයට පත්වු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

මෙම තරග සංචාරය අවලංගු කිරීම පිළිබඳ මෙතෙක් තමන්ට නිල නිවේදනයක් ලැබී නොමැති බවයි බංග්ලාදේශය ප්‍රකාශ කර ඇත්තේ.

මීට මාසයකට පමණ පෙර ද මෙම තරග සංචාරය සිදුවන බවට තහවුරු වී තිබු බව ද ඔවුන් සඳහන් කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සැසිවාරයේදී ද දෙරටේ පාලක මණ්ඩල සභාපතිවරුන් මෙම තරග සංචාරය පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපතිවරයා කියාසිටියේ.

දෙරට අතර පැවැත්වෙන තරග සංචාර පිළිබඳ 2015 වසරේදීම එකගතාවන්ට එළඹි තිබු බව ඔහු පෙන්වා දෙනවා.

මෙම සංචාරයේදී පකිස්ථානය බංග්ලාදේශය සමග ටෙස්ට් තරග දෙකක් / එක්දින තරග 3 ක් සහ 20 යි 20 තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනා.

එහෙත් දෙරටෙහිම එකගතාව අනුව මෙම තරග සංචාරය අවලංගු කෙරුනු බවයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශහර්යාර් ඛාන් ප්‍රකාශකර ඇත්තේ.

පසුගිය අවස්ථා දෙකකදීම බංග්ලාදේශ තරග සංචාරයේ නිරතවී ඇති බැවින් එය වෙනස් කිරීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

බංග්ලාදේශය අවසන් වරට  2007 අගෝස්තු මාසයේදී පකිස්ථාන තරග සංචාරයක නිරතවුනා.

අනතුරුව 2011 දෙසැම්බර් මාසයේ සහ 2015 දෙසැම්බර් මාසයේදී පකිස්ථානය බංග්ලාදේශ තරග සංචාරයකට එක්වුනා.

පකිස්ථානයේ 20 යි 20 තරග සංචාරයකට එක්වන්නැයි බංග්ලාදේශයට කළ ඇරයුමක් පසුගියදා බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය සමයේදී බංග්ලාදේශය සහ පකිස්ථානය අතර සබඳතා තරමක් පලුදු වන තත්වයකට පත්ව තිබුනේ සකා අශ්රෆ් මහතා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාව සිටි සමයේදීයි.

ඔහුගේ ධුර කාලය තුල බංග්ලාදේශය සමග සම්බන්ධතා අත්හැර දමා තිබු අතර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සිය ක්‍රීඩකයන් යොමුකරවීම ද නතර කෙරුනා.

කෙසේවෙතත් මේවන විට එය සාමාන්‍ය තත්වයකට පත්ව ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.