ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ බ්‍රිතාන්‍යයේ ඇන්තනී ජොෂුවාට

Sunday, 30 April 2017 - 10:34

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%93+%E0%B6%A2%E0%B7%9C%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7
බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා, ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දැරූ යුක්රේනයේ ව්ලැදිමීර් ක්ලිට්ච්කෝ පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට සමත්වුණා.

ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මෙම තරගය නැරඹීම සඳහා 90 000 ඉක්මවූ ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ සිටියා.

යුක්රේන ක්‍රීඩකයා තරගයේ 11 වන වටයේදී බිම හෙලූ ජොෂුවා, ඔහු යළි නොනැගිටින ලෙස පහරදීම හේතුවෙන් විනිසුරු තරගය නතර කොට ජයග්‍රහණය ජොෂුවා වෙත ලබාදුන්නා.

හිටපු ලෝක ශූරයා මෙලෙස නොකවුට් පරාජයකට මුහුණදී ඇත්තේ ප්‍රථම වතාවටයි.

එවරට්ස් කඳු ශිඛරය ලෙස තමාම හඳුන්වා ගන්නා 41 හැවිරිදි යුක්රේන ක්‍රීඩක ක්ලිට්ච්කෝ ජෝර්ජ් ෆෝර්මන්ට පසු වයස 40 ඉක්මවා ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දැරූ පළමුවැන්නායි.