%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 18 May 2017 - 7:27
ලකුණු 48 ක් ලැබූ කොල්කටා කණ්ඩායමට ජය හිමිවෙයි
216

Shares
25,995

Views
මෙවර IPL තරඟාවලියේ දෙවන සුදුසුකම් ලැබීමේ තරඟය අයහපත් කාලගුණය හෙතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දු 4 ක් ඉතිරිව තිබියදී හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව කොල්කටා කණ්ඩායමට අවසන් තරඟයට පිවිසීමට පෙර මුම්බායි කණ්ඩායම සමඟ පැවැත්වෙන මීළඟ තරඟය ජයගතයුතු වනවා.

ඊයේ තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 128 ක් රැස්කළා.

එහිදී TA Boult යැවූ පන්දුවකට DA Warner එල්ලකළ අමුතුම හතරේ පහරක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

එම පහර විචාරකයන් හැඳින්වූයේ ටෙනිස් පිටියේ පහරක් ලෙසයි.

මේ අතර යුවරාජ් එල්ලකළ වේගවත් හතරේ පහරක් කෙලින්ම අනෙක් අන්තයේ සිටි V Shankar ගේ හිස කෙළින් පැමිණි අවස්ථාවේ ඔහු ඇසිල්ලකින් ඉන් බේරීමට සමත් වූවා.

එම අවස්ථාවේ V Shankar තම ආරක්‍ෂිත හිස් වැසුම පැළඳ නොසිටීමද විශේෂත්වයක්.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ NM Coulter-Nile තරඟයේ වීරයා වෙමින් පන්දු වාර 4 කදී ලකුණු 20 කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට අයහපත් කාලගුණය හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරඟය ජයගැනීමට හිමිවූ ඉලක්කය වූයේ පන්දු වාර 6 කදී ලකුණු 48 ක්.

ඒ අනුව පන්දු වාර 5 යි පන්දු 2 කදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට කොල්කටා කණ්ඩායම සමත් වුනා.

මීළඟ අවසන් පූර්ව තරඟය මුම්බායි කණ්ඩායම සහ  කොල්කටා කණ්ඩායම අතර එළඹෙන (19) සිකුරාදා බැංගලෝර් හි M Chinnaswamy ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඊයේ තරඟයේ DA Warner එල්ලකළ අමුතු හතරේ පහර පහතින්.



Shankar ගේ හිස සොයාගිය යුවරාජ් එල්ලකළ වේගවත් හතරේ පහර පහතින්.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE