චැම්පියන්ස් කුසලානයට දිනේෂ් කාර්තික්

Friday, 19 May 2017 - 12:38

%E0%B6%A0%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A
එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ඉන්දිය පිලට දිනේෂ් කාර්තික් ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ, කණ්ඩායම සඳහා නම් කර සිටි මනීෂ් පාණ්ඩේ තුවාල ලැබීම හේතුවෙන්.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරන ඔහුු අයි.පී.එල්. තරගාවලියේ අවසන් පූර්ව තරගයට පෙර පුහුණුවීම්වල නිරතව සිටියදී මෙලෙස තුවාල ලැබුවා.  

සංචිතයට නම් කෙරුනු දිනේෂ් කාර්තික් 2004 වසරේ ජාත්‍යතර තරග බිමට පිවිස ඇති අතර මේවන විට එක්දින තරග 71 කට ක්‍රීඩා කර තිබෙනවා.

ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1313 ක්.

දිනේෂ් කාර්තික් 2013 වසරේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ද ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අතර අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ 2014 වසරේදී බංග්ලාදේශයේදී පැවති ආසියානු කුසලාන තරගාවලියේදීයි.

විරාත් කෝලි ශූරයන්ගේ කුසලානයට යන ඉන්දීය සංචිතයේ නායකයා ලෙසට කටයුතු කරනවා.

ශිකර් ධවාන් / රෝහිත් ශර්මා / අජින්කෙයා රහනේ / මහේන්ද්‍ර සිං ධෝනි / යුවරාජ් සිං / කෙදාර් ජාදව් / හාර්ඩික් පාන්ඩ්යා / රවිචන්ද්‍රන් අශ්වින් / රවින්ද්‍ර ජඩේජා / මොහොමඩ් ශාමි / උමේශ්  යාදෙව් / බුවනේශ්වර් කුමාර් / ජස්ප්‍රිට් බුමාරාහ් සෙසු ක්‍රීඩකයන්.