උමාර් අක්මාල් වෙනුවට හැරිස් සොහිල් පාකිස්ථාන කණ්ඩායමට

Wednesday, 24 May 2017 - 13:35

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
උමාර් අක්මාල් ශාරිරික යෝග්‍යතාවයෙන් අසමත් වීම හේතුවෙන් ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා හැරිස් සොහිල් පාකිස්ථාන කණ්ඩායමට නම් කර තිබෙනවා.

වමත් පිතිකරුවෙකු වන හැරිස් සොහිල් 2015 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී නොදැවී ලකුණු 52 ක් රැස් කළා.

ඔහු ලබන සෙනසුරාදා බංග්ලාදේශය සමග පැවැත්වෙන පෙර පුහුණු තරගයට සහභාගි වීමට නියමිත බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

මේ අතර, ඉන්දීය කණ්ඩායමේ මනිෂ් පාන්ඩේ වෙනුවට දිනේෂ් කාර්තික් කණ්ඩාමට කැදවා තිබෙනවා.

ඉන්දීය අයි.පී.එල් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ මනීෂ් පාණ්ඩේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ශූරයන්ගේ කුසලාන තරගාවලිය සදහා කාර්තික් කණ්ඩායමට කැදවා ඇත්තේ.