චැම්පියන්ස්‌ කුසලානය නිසා එංගලන්තයේ සිටන ක්‍රිකට්‌ කණ්ඩායම්වලට විශේෂ ආරක්ෂාවක්

Thursday, 25 May 2017 - 10:11

%E0%B6%A0%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8C+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E2%80%8C+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මේ වනවිට චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට ක්‍රීඩා කරන කණ්‌ඩායම් අටක්‌ එංගලන්තයේ රැඳී සිටින නිසා එම සියලු කණ්‌ඩායම්වලට උපරිම ආරක්‌ෂාවක්‌ ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති බව එංගලන්ත ආරක්‌ෂක බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

ඒ, එංගලන්තයේ මැන්චෙස්‌ටර් නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එරට පැවැත්වෙන කිසිදු ක්‍රීඩා තරගාවලියක්‌ අහෝසි නොකරන බවයි එංගලන්ත ආරක්‌ෂක බලධාරීන් පවසන්නේ.

අදාළ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එංගලන්තයේ සිටින දකුණු අප්‍රිකානු කණ්‌ඩායම ඉමහත් කලබලයට පත්වුනා.

ඔවුන් ආරක්‌ෂක තත්ත්වය පිළිබඳව එංගලන්ත ක්‍රිකට්‌ ආයතනයෙන්ද විමසා ඇතැයි සඳහන්.

බෝම්බ ප්‍රහාරයෙන් දකුණු අප්‍රිකා කණ්‌ඩායමේ සියලු දෙනා මහත් කලබලයට පත් වී එදින උදෑසන කෑම මේසයේදි ඒ ගැන ලොකු කතාබහක් ඇති වී තිබෙනවා.

අයි.සී.සී. ආරක්‌ෂක ප්‍රධානී ස්‌ටීව් ඒල්මොන්ලි පවසා ඇත්තේ සියලුම කණ්‌ඩායම්වලට උපරිම ආරක්‌ෂාවක්‌ සලසා ඇති බව සහතික වන බවයි.

මේ අතර ඉරිදා(28) පැවැත්වෙන මැන්චෙස්‌ටර් ධාවන තරගය පවත්වනවාද නැද්ද යන්න ඉදිරි පැය විසි හතර තුළ තීරණය කර බව එංගලන්ත ආරක්‌ෂක අංශ ප්‍රකාශ කර තිබෙන නමුත් මේ සතියේ පැවැත්වීමට නියමිත එෆ්.ඒ. කුසලාන අවසන් මහා තරග පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

යුරෝපා කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් කලු පැහැති ඇඳුමකින් කණ්‌ඩායම් සැරසී විනාඩියක නිශ්ශබ්දතාවක්‌ද පවත්වා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.