චැම්පියන්ස් කුසලානයේ පෙරහුරු තරඟ ඇරඹේ

Friday, 26 May 2017 - 14:18

%E0%B6%A0%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පෙරහුරු තරඟ අද (26) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා පිල ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී  ඕස්ට්‍රේලියාව සමඟ අද පෙරහුරු තරඟයකට මුහුණදීමට නියමිතයි.

එංගලන්තය සහ වේල්සයේ මෙවර පැවැත්වෙන අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය ජුනි 03 වනදා පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සමඟයි.

ඊට පෙර ශ්‍රී ලංකා පිල මැයි 30 වනදා බර්මින්හැම් හිදී නවසීලන්තය සමඟ තවත් පෙරහුරු තරඟයකට සහභාගී වනු ඇති.

චැම්පියන්ස් කුසලාන තරඟාවලිය ජුනි 01 වනදා ආරම්භ වන්නේ එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟයෙන්.