පෙරහුරු තරඟයේ ජය ඕස්ට්‍රේලියාවට (ඡායාරූප)

Saturday, 27 May 2017 - 9:08

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරඟයට ශ්‍රී ලංකාව ඊයේ සහභාගි වූ අතර, එහිදී  ඕස්ට්‍රේලියානු පිළ හමුවේ තියුණු පරාජයකට ලක්වුණා.

කාසියේ වාසිය දිනූ  ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකා පිළට ඇරයුම් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 තුළ දී කඩුලු 7ක් දැවී ලකුණු 318ක් රැස් කළ අතර, එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95ක් රැස් කිරීමට සමත් වුණා.

අසේල ගුණරත්න නොදැවී ලකුණු 70ක් ලබා ගත් අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 41ක් ලබා ගත්තා.

පිළිතුරු වශයෙන්  ඕස්ට්‍රේලියාව පන්දු වාර 49යි පන්දු 4කදී කඩුලු 8ක් දැවී ලකුණු 319ක් ලබා ගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

ආරොන් ෆින්ච් ලකුණු 137යි.

\"\" \"\"

\"\" \"\" \"\" \"\" \"\"