එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් වාරයේ සිය අඛණ්ඩ පස්වන ශතකය වාර්තා කිරීමට ඊයේ සමත්වුණා.
සරේ පිල සහ එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම සිව්දින තරගයේ පළමු දිනය අවසානයේ සරේ පිල කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබා සිටි අතර, කුමාර් සංගක්කාර නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 177 ක්.
සරේ පිල විටෙක කඩුලු 5 ක් දැවී ලකුණු 31 ක් පමණක් ලබා සිටීම විශේෂත්වයක්.
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී පිට පිට ශතක 5ක් රැස් කළ පස්වන ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර වාර්තා පොතට එක්වනවා.
මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියෙන් පසු තමා පළමු පෙළ ක්‍රිකට් තරගවලින් ඉවත්වන බව කුමාර් සංගක්කාර පසුගියදා නිවේදනය කළා.