නවසීලන්තයට එරෙහි පුහුණු තරගයේදී උපුල් තරංගගෙන් ශතකයක්

Tuesday, 30 May 2017 - 17:20

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශූරයන්ගේ කුසලාන තරගාවලියට අදාළව තවත් පුහුණු තරගයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙනවා.

ඒ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව පන්දුවාර 29 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටිනවා.

උපුල් තරංග ලකුණු 100 යි.

ඔහු මෙම ලකුණු ප්‍රමාණය ලබාගත්තේ පන්දු 94 කින්.

ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් ඇතුලත්  වුනා. නිරෝෂන් දික්වැල්ල 25 යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවුනා.