%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Monday, 19 June 2017 - 10:27
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා අවිනිශ්චිත ගමනක් ගිහින්
202

Shares
24,341

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වන ග්‍රැහැම් ෆෝඩ් සියරට බලා ගොස් ඇතැයි වාර්තාවනවා.  

ඒ අනුව ඔහුගේ සේවය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර ඉතාමත් විශ්වාසකටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති වශයෙන් අසංක ගුරුසිංහ පත් කිරීමටද නියමිත බවයි.

ටෙස්ට් තරග 41 කට ක්‍රීඩා කර ඇති ගුරුසිංහ ටෙස්ට් ශතක 7 ක සහ අර්ධ ශතක අටක හිමිකරුවෙක්.

එක්දින තරග 147 කදී ඔහු ලබාගත් ශතක සංඛ්‍යාව 2 ක් වුවද ඔහුගේ කීර්තිය වැඩි වශයෙන් රඳා ඇත්තේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ඉතාමත් ස්ථාවර පිතිකරුවකු ලෙසයි.

කඩුලු රකින්නකු වශයෙන් සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ නමුත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමත් ආරම්භ කළ ගුරුසිංහ පසුකලෙක කඩුල්ල ආසන්නයේ පන්දු රකින්නකු වශයෙන්ද ශ්‍රී ලංකා පිලට අමිල මෙහෙවරක් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :