%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A
Monday, 19 June 2017 - 12:40
අවසන් මහා තරඟය ගැන ජනප්‍රිය තරු ට්විටර් ගිණුම තුල තැබූ අමතක නොවන සටහන්
198

Shares
23,826

Views
ඊයේ පැවති ශුරයින්ගේ කුසලාන අවසන් මහා තරඟය පිළිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙක් සිය ට්විටර් ගිණුම් තුල තරඟය පිළිබදව දැක්වූ අදහස් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල කතා බහට ලක් වූණා.

කාසිය වාසිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ සුපිරි පිතිකරුවෙක් වන විරේන්ද්‍ර ෂෙවාග් සිය ට්විටර් ගිණුම තුල සටහන් කර තිබුණේ පියවරුන්ගේ දිනය දා පකිස්ථානයට පියවරුන් කවුරුන්දැයි උගන්වන බවයි.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් සිය ට්විටර් ගිණුම තුල දක්වා ඇත්තේ කොළ පාට සහ කහපාට කණ්ඩායම ජයග්‍රහණය කරන බවටයි.

තරඟයට පෙර සහ තරඟය පැවැත්වෙන අතරතුර ජනප්‍රිය ක්‍රිකට් තරු සහ බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් සහ ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් සිය ට්විටර් ගිණුම් තුල තරඟය සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබීම විශේෂත්වයක්.

එම සටහන් කිහිපයක් පහතින්.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :