%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
Monday, 19 June 2017 - 14:09
අයි.සී.සී. ශූරයන් වූ පසු පාකිස්ථාන නායකයා කියූ දේ
32

Shares
3,951

Views
2019 වසරේ එංගලන්තයේ පැවත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම කණ්ඩායම් ත්‍රිත්වය අතරට තම කණ්ඩායමද එක් වනු ඇති බව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ප්‍රකාශ කළා.

අයි.සී.සී. ශුරයන්ගේ කුසලාන කිි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජයට පත්කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

2009 වසරේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජය ගැනිමෙන් පසු ලබාගත් ඉහලම ජයග්‍රහණය ශුරයන්ගේ කුසලානය ලබා ගැනිම බවද පාකිස්ථානු නායකයා ප්‍රකාශ කළා.

ශුරයන්ගේ කුසලාන කිි‍්‍රකට් තරගාවලියේ වීරයා සම්මානය පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හසන් අලිට හිමිවූ අතර ඔහු තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙසද සම්මානට පාත්‍ර වුණා.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ ශිකර් දවාන් තරගාවලියේ හොදම පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර වද්දී පාකිස්ථාන කණ්ඩායමේ ෆකාර් සමාන් අවසන් තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE