%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+Golden+ball+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8
Monday, 19 June 2017 - 15:52
ශූරයන්ගේ කුසලානයේ Golden ball සම්මානය ලැබුණු සුපිරි පන්දු යැවීම
30,414

Views
ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ බොහෝදෙනෙකුගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමට සමත් වෙමින් තරඟාවලිය පුරා ප්‍රබල පිතිකරුවන් රැසක් අසරණ කළ Hasan Ali ගේ සුපිරි පන්දු යැවීම දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

මේ අතර පකිස්ථාන කණ්ඩායම ශූරතාව හිමිකරගැනීමත් සමඟ Hasan Ali ගේ සුපිරි පන්දු යැවීම වඩාත් අවධානයට ලක්ව තිබෙනවා.

මෙවර තරඟාවලියේ ප්‍රධාන සම්මාන දෙකක් තමන් සතුකර ගැනීමද මෙවර කැපී පෙනුනා.

 Ali එහිදී තරඟාවලියේ වීරයා මෙන්ම Golden ball සම්මානයද හිමිකරගත්ත්තා.

එහෙත් නැගී එන ක්‍රීඩකයන්ගේ පුහුණු කඳවුරකදී මේ අනාගත සුපිරි තරුව Hasan Ali නම් නවක පන්දු යවන්නා තෝරාගැනෙන්නේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක් වන mohammed akram විසින්.

මෙම සුපිරි ක්‍රීඩකයා තෝරාගැනීමට හේතුව ලෙස mohammed akram පෙන්වාදෙන්නේ ඔහුගේ විශ්වාසනීයත්වය හා පිතිකරුවා අන්දමන්ද කරවන සුලු පන්දු යැවීමේ හැකියාව නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තම තෝරාගැනීම පිළිබඳව mohammed akram විටක මෙසේ සඳහන් කර තිබෙනවා.

“මම හසන් අලි  තෝරාගනිද්දී කවුදෝ කීවා මට පිස්සු කියලා. මම එයාලාට කිව්වේ මම හොයන ගිනි පුපුර මේ තමයි කියලයි”
“මට නිකම් ඔහු පෙනෙන්නේ ඬේල් ස්ටේන් වගේ. එහෙමත් නැත්නම් වර්නන් ෆිලැන්ඩර් වගේ. හසන්ගේ මැණික් කටුවේ ක්‍රියාකාරිත්වයයි.
මම වැඩිපුර නිරික්ෂණය කළේ. පන්දු යැවීමේදී ඔහු එය පාවිච්චි කරන ආකාරය ගැනයි. පාකිස්තානු පිල තවම එයාව අලුත් පන්දුව යැවීම සඳහා වැඩිපුර යොදාගෙන නෑ. ඒත් මං හිතන්නේ කවදාහරි දවසක හසන් අලි අලුත් පන්දුවෙන් වැඩ පෙන්වන ගත්තාම ලෝකයේ හොඳම පන්දු යවන්නකු වේවි කියලයි” ඔහු ඉතා හොඳින් පන්දුව පසුපසට දෝලනය කරනවා. මැණික් කටුව හොඳට පාවිච්චි කරන නිසා ඔහුට වේගය උපද්දවන්න පුලුවනි. ඒකට මොහොමඞ් ඉර්ෆාන්ගේ වගේ හරි ජොයෙල් ගානර්ගේ වගේ හරි උසක් ඕන නෑ.

කෙසේ වෙතත් මේ වාසනාවන්ත ක්‍රීඩකයාට මෙවර අවාසනාවන්ත අත්දැකීම් වලට මුහුණදෙන්නට සිදුවූවා.

ඒ ඉන්දියාව සමඟ පැවති තරඟයේදී යුවරාජ් සිං ලබාදුන් තීරණාත්මක උඩපන්දුවක් අත්හැරීමයි.

එහිදී බොහෝදෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්වුවද ඒ සියල්ලට පිළිතුරු දෙමින් අවශ්‍යම මොහොතේ නැවත ඉන්දියාට එරෙහිව ක්‍රියාත්මක වී ජයග්‍රහණය පකිස්ථානයට රැගෙන ආවා.

ඒ අවසන් මහා තරඟයේදී ලකුණු නිලකුණු පන්දුවාරයක් සමඟින් පන්දුවාර 6 යි පන්දු 3 ක් යොමු කරමින් කඩුලු 3 ක් දවගත්තා.

එහිදී ඉන්දියාවේ ඉනිම සුනුවිසුනු කරමින් ඔවුන්ගේ අවසන් කඩුල්ල වූ JJ Bumrah දවාගත්තේද හසන් අලි විසින්.

මෙවර ශූරයන්ගේ කුසලානයේ Golden ball සම්මානය හිමිකරගත් Hasan Ali ගේ සුපිරි පන්දු යැවීම මෙන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE