අසේල ගුණරත්නට BPL අවස්ථාව

Sunday, 25 June 2017 - 14:04

%E0%B6%85%E0%B7%83%E0%B7%9A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+BPL+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න බංග්ලාදේශයේ පැවැත්වෙන ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්කර ගැනීමට තරඟ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව අසේල ගුණරත්න බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එක්කර ගැනීමට සැරසෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලසීමාවේදී ඔහු දැක්වූ දක්ෂතා මත මෙම බඳවා ගැනීම සිදුකිරීමට ඩකා කණ්ඩායම අවධානය යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිමා වූ  ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේදී ද අසේල ගුණරත්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියොජනය කරනු ලැබුවා.

කෙසේ වෙතත් එම තරඟාවලිය තුලදී තරඟයක් හෝ ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබුනේ නැහැ.