ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය ගැන ගංගුලිගෙන් ප්‍රකාශයක් - මහේලගෙන් ප්‍රතිචාර

Monday, 26 June 2017 - 14:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පත් කරගත යුත්තේ කණ්ඩායමේ නායකත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි අයෙකු බව එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සව්රොව් ගංගුලි පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළ අනිල් කුම්බ්ලේ ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායක  මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබමින් පවසා ඇත්තේ තමන්ට එවැනි අදහසක් නොමැති බවත් තමන්ගේ වැඩි අවධානය මේ වනවිට යොමුව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සහ කුලනා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සදහා පමණක් බවයි.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තමන් පත්කරනු ඇති බවට පලවූ වාර්තා පිළිබදව තමන් ආඩම්බර වන බවත් ඔහු සිය ට්විටර් ගිණුම තුල දක්වා තිබනෙවා.

\"\"