චමරි අතපත්තුගෙන් ලකුණු 178 ක්

Thursday, 29 June 2017 - 19:48

%E0%B6%A0%E0%B6%B8%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+178+%E0%B6%9A%E0%B7%8A
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර තරගයක් මේ වනවිට බ්‍රිස්ටල්හි දී පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 ක් අවසානයේ, කඩුලූ 09 ක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තා.

නොදැවී ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 143 කදී ලකුණු 178 ක් රැස්කළේ හයේ පහර 06 ක් සහ හතරේ පහර 22 ක් සමඟින්.

කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගන්නට චමරි අතපත්තු අද සමත් වුණා.

චමරි එක්දින තරගයකදී වාර්තා කළ තුන්වන ශතකය ද මෙයයි.