%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Monday, 17 July 2017 - 11:18
ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මුරලි කියන කතාව
165

Shares
19,866

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම පිළිබඳ ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ද අදහස් දක්වා තිබෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත හා සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ ගැන ප්‍රකාශ කර තිබෙනවා.

පුවත්පත විමසු ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පල කළා.

පසුබෑමෙන් ගැලවීම සඳහා ඇති විසඳුම කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන හෝ තමාව කණ්ඩායමට රැගෙන ඒම නොවන බවයි මුරලිගේ අදහස වී ඇත්තේ.

කණ්ඩායමේ දක්ෂතා පහත බැස ඇති අතර ඔවුන් එය නිවැරදි කර ගත යුතු බවද ඔහු කියා තිබෙනවා.

තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු නොකළ බවත් එසේ තිබිය දී ඒ පිළිබඳ කතා කිරීම නිවැරදි දෙයක් නොවන බවයි මුත්තයියා මුරලිදරන් කියා සිටින්නේ.

තමන් මෙන්ම සංගක්කාර හා මහේල ද කාර්යබහුල වී ඇති බව සඳහන් කරන මුරලි සංගක්කාර තවම ක්‍රීඩා කරන බවත් මහේල හා තමන්  පුහුණු කිරීම්වල නිරත වන බවත් කියා තිබෙනවා.

ඔහු මෙසේ ද පවසා තිබෙනවා.

"මගේ විශ්‍රාම යාමෙන් පසු මම ශ්‍රී  ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී නැහැ. අවුරුදු 5-6 ක් ගත වෙලා. මට තේරෙන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. තත්වය ගැන දැනුවත් නොවී, මම අදහස් ප්‍රකාශ කිරීම සුදුසු බව මම සිතන්නේ නැහැ. කෙසේ වෙතත්, ගැටළුවක් පවතිනවා. කණ්ඩායමේ කාර්යසාධනය අඩු වී ඇති අතර ඒවා නිවැරදි කිරීමට සිදුවනවා.. සංගක්කාර, ජයවර්ධන හෝ මා ගෙන ඒම විසඳුමක් නොවේ. අපි කාර්ය බහුලයි.සංගක්කාර තවමත් ක්‍රිකට් ගහනවා. මමයි මහෙලයි පුහුණුකරුවන් ලෙස කාර්ය බහුලයි."

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරය ගැන විමසීමේ දී ඔහු කියා ඇත්තේ මෙවැන්නක්.

"ඉන්දියාව දක්ෂතා අතර ඉන්නවා. ඒත් පුදුමයක් වෙන්න පුළුවන්. අපි දන්නා පරිදික්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. "

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE