2006+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
Monday, 17 July 2017 - 12:44
2006 වසරේ ලියවූ ඉතිහාසය, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කරයිද ?
307

Shares
36,940

Views
ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම ලකුණු සංඛ්‍යාවක්  සාර්ථකව හඹාගොස් ජයග්‍රහණය ලබා ඇත්තේ 2006 වසරේදී වීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රීලංකා කණ්ඩායම මෙලස  හඹා ගිය ලකුණු සංඛ්‍යාව 352ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවා හඹාගොස් ජයග්‍රහණයක් වාර්තා කිරීම තවත් එක් අවස්ථාවකදී සනිටුහන් කර ඇති අතර එම ජයග්‍රහණය වාර්තාකර ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

1998 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එම ජයග්‍රහණය වාර්තාකර තිබෙනවා.

මෙරට තුලදී පමණක් නොව රටින් පිටද එවැනි දක්ෂතාවක් 2006 වසරෙන් පසු ශ්‍රීලංකා කණ්ඩායම දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම දිව ආහාරය සදහා තරගය නතර කරනවිට කඩුලු 02ක් අතැතිව ශ්‍රීලංකා කණ්ඩායමට වඩා ලකුණු 350ක් ඉදිරියෙන් සිටිනවා.

ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායමේ තවත් කඩුලු 02ක් බිද දැමීමට තිබෙනවා අතර ලකුණු 350කට වැඩි ඉලක්කයක් ශ්‍රීලංකාවට හිමිවනු ඇති බවටයි විචාරකයන් මත පල කරන්නේ.

ඒ අනුව ලකුණු 350කට වැඩි ඉලක්කයක් තරගය ජයග්‍රහණය සදහා ශ්‍රීලංකා කණ්ඩායමට හිමිව එය හඹාගොස් ජයග්‍රහණය කළ හොත් 2006 වසරෙන් පසු එවැනි දක්ෂතාවයක් දැක්වූ ප්‍රථම අවස්ථාව බවට එය පත්වනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE