%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+387+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Monday, 17 July 2017 - 13:44
සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 387 ක් ඉදිරියෙන්
176

Shares
21,192

Views
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 377ක් ලබා ගත්තා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 387ක් ඉදිරියෙන් සිටිනවා.

සිම්බාබ්වේ දෙවැනි ඉනිම වෙනුවෙන් ශිකන්ධර් රාසා ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණා.

ග්‍රෑම් ක්රැමර් ලකුණු 68යි.

ශ්‍රීලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 133කට කඩුලු 06ක් බිද දැමුවා.

රංගන හේරත් ටෙස්ට් තරඟවලදී අවස්ථා 30කදී කඩුලු 05 බැගින් දවාගෙන ඇති අතර හේරත්ගේ මෙම කඩුලු 06ත් සමග ටෙස්ට් තරඟ වලදී කඩුලු 05 බැගින් දවාගත් අවස්ථා ගණන 31ක් බවට පත් වනවා.

දිල්රුවන් පෙරේරා සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 03ක් බිද දැමු අතර වේග පන්දුයවන ක්‍රීඩක ළහිරු කුමාර එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 388ක්.  


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :