උසේන් බෝල්ට්ට යළිත් ජය

Saturday, 22 July 2017 - 13:36

%E0%B6%8B%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA
08 වරක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මේ වසරේ ප්‍රථම වරට තත්ත්පර 10කට අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව නිමා කිරීමට සමත් වුණා.

ඒ, මොනැකෝ හි පැවැති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියට ඊයේ එක්වෙමින්.

30 හැවිරිදි බෝල්ට් එහිදී තත්පර 9.95කින් ඉසව්ව නිම කළ අතර දෙවන තැන හිමි වූයේ ඇමරිකානු ක්‍රීඩකයෙකුටයි.

උසේන් බෝල්ට් ලබන මාසයේ ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 සහ මීටර් 100x04 සහය දිවීමේ ඉසව්වට ද සහභිගා වන බව සහතික කර තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට නියමිතයි.

 එම තරඟය පහතින්..