ඔලිම්පික් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයින් ඇගයීමට ලක් කෙරේ

Tuesday, 25 July 2017 - 19:37

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
1948 වසරේ සිට ඔලිම්පික් තරඟ නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පවත්වනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

 එහිදී ඔලිම්පික් තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු ජනාධිපතිවරයා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතියේ ගෞරවය සහ කීර්තිය ලෝකය හමුවට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලැබීම පිළිබඳව තමන් සතුටුවන බවයි එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් කියා සිටියේ.