ආබාධයකට ලක්වු අසේල ගුණරත්නට අද ලැබුනු තීරණය

Wednesday, 26 July 2017 - 18:41

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%9A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද ආරම්භ වු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වු අසේල ගුණරත්න මාසයකට වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා.

මේ හේතුවෙන් අසේලට ඉන්දියාව සමග පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරග දෙකට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

පන්දුවක් අතේ වැදීමෙන් ආබාධයකට ලක්වු අසේල ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන එනු ලැබුවා.

14 වන පන්දුවාරයේදී දෙවන ස්ලිප් පන්දු රකින්නා ලෙසින් සිටියදීයි ලහිරු කුමාර විසින් යොමුකළ පන්දුකට ශිකර් ධවාන් විසින් ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට යාමේදීයි ඔහුගේ අතේ පන්දුව වදින්නේ.

එහිදී ඔහුගේ වම් අත ආබාධයකට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාකිරීම් වලින් අනතුරුවයි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙනවිත් ඇත්තේ.



\"\"\"\"