ඉන්දියාව ලකුණු 399 යි

Wednesday, 26 July 2017 - 20:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+399+%E0%B6%BA%E0%B7%92
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් විරාත් කෝලි ගාලු තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව මෙම තරගයට එක්වුණේ ධනුෂ්ක ගුණතිලක හට මෙරට 140 වන ටෙස්ට් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාව හිමිකර දෙමින්.

අභිනව් මුකුන්ද් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමග ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 27  සීමා වුණා.

ශිකර් ධවාන් ලකුණු 31 ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්නද එය රැක ගැනීමට ස්ලිප් කලාපයේ සිටි අසේල ගුණරත්නට හැකිවුණේ නැහැ.

එම උත්සාහයේදී පන්දුව අතේ වැදීමෙන් අසේලගේ වම් මහපටඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුවූ අතර ඔහුව වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹට රැගෙන එන්නටද සිදු වුණා.

අද රාත්‍රියේ ඇඟල්ලේ සැත්කමකට මුහුණ දීමට නියමිතව සිටින අසේලට  මාසයකට අධික කාලයක්  ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පවසන්නේ.

ගිලිහී ගිය උඩ පන්දුවෙන් උපරිම ප්‍රයෝජන ගත් ධවාන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 190 ක්.

ද්විත්ව ශතකය පෙනෙන මානයේ සිටි ඔහු දැවී ගියේද නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේයි.

නායක විරාත් කෝලිගේ ඉනිම ලකුණු 3 කට සීමා කරන්නට ද ප්‍රදීප් සමත් වුණා.

චේතේශ්වර් පුජාරා දිනය අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 144 ක් ලබා ගනිමින්.

අද දිනයට තරගය නතර කරන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 399 ක් ලෙස සටහන් වුණා.