අබාධයකට ලක්වූ රංගන හේරත්ගේ තත්වය බරපතල නෑ

Saturday, 29 July 2017 - 11:53

%E0%B6%85%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B1%E0%B7%91
සංචාරක ඉන්දියානු කණ්ඩායම  සහ  ශ්‍රී ලංකාව අතර  පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී  ශ්‍රී ලංකා නායක රංගන හේරත් අබාධයකට ලක් වුණා.

ඒ දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා යැවූ පන්දුවකට විරාත් කෝලි එල්ල කළ පහරක් ෂෝට් එක්ස්ට්‍රාකවර් කලාපයේදී  නැවැත්වීමට යාමේදී  පන්දුව  ඇඟිල්ලේ වැදීමෙන්.

කෙසේ වෙතත් රංගන හේරත්ගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

පන්දුව වැදීමෙන් ඔහුගේ ඇගිල්ල ඉදිමීමකට ලක් වී ඇති මුත් අස්ථි බිඳීමක් සිදුවී නොමැති බව සදහන්.

තරඟයේ සිව් වන දිනය වන අද උදෑසන රංගන හේරත් පන්දු රැකීමට සහභාගි වුයේ නැහැ.

ඒ වෙනුවට ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ ක්‍රීඩක අශේන් බණ්ඩාර පන්දු රැකීමට යොමුකර තිබුණා.

2014 වසරේදී අස්ථි බිඳීමකට ලක්වූ ඇඟිල්ලම මෙවරද ආබාධයකට ලක්ව තිබෙනවා.