%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92++%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 12 August 2017 - 9:43
කෝලි විස්සයි විස්සට එක්වන බව කියයි
34,031

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට පන්දුවාර විස්සයි විස්ස තරඟයේදී ඉන්දිය කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දියාව තීරණය කර ඇති බවට පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර අද ආරම්භ වන තුන්වන ටෙස්ට් තරඟයට සමගාමීව ඊයේ (11) පල්ලෙකැලේදී පැවැතිි මාධ්‍ය සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විරාත් කෝලිගෙන් ප්‍රශ්නකර සිටියා.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් කෝලි පැවැසුවේ තමන්ට විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නොමැති බවයි.

එහිදී විරාත් කෝලි පැවසුවේ මෙවැන්නක්.

“ මගේ සහභාගීත්වය? කවුද  කිව්වේ මම තරඟ කරන්නේ නෑ කියලා.මම දන්නේ නෑ මේවා කොහොන් ආවද කියලා. ඔබට මම ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් මට කියන්න. මට ක්‍රීඩා කරන එකේ ගැටලුවක් නෑ.”

ඉන්දීය නායක විරාත් කෝලිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය අහිමිවීමේ ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ගෙවී ගිය වසරක කාලය තුළ නොකඩවා තරඟ සඳහා සහභාගි වීම හේතුවෙන් ඔහුට කෙටි විවේකයක් ලබාදීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවට සඳහන් කරමින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE