%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+05%E0%B6%9A%E0%B7%8A
Sunday, 13 August 2017 - 15:03
ලක්ෂාන් සඳකැන්ගෙන් කඩුලු 05ක්
89

Shares
10,798

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දිය කණ්ඩායම  අතර පල්ලෙකැලේදී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 122යි පන්දු 03කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණ 487ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ලකුණු 132කට කඩුලු 05ක් දවා ගැනීමට සමත්වුනේ පන්දුවාර 35යි පන්දු 03ක් යවා නිලකුණු පන්දුවාර 04ක්ද සමගින්.

ජාත්‍යන්තර ටෙස්ට් තරඟයකදී ලක්ෂාන් සඳකැන් කඩුලු 05ක් දවාගත් ප්‍රථම අවසථාව බවට පත් කරගනිමින් වාර්තා පොත් අතරට එක් වීම විශේෂත්වයක්.

මිට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ මලින්ද පුෂ්පකුමාර පිළිවෙලින් කඩුලු 02ක් සහ 03ක් දවා ගත්තා.

තමන් ක්‍රීඩාකරන 03 වැනි ටෙස්ට් තරගයේ දී මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සමත් වුණා.

පන්දු 96 කදී ඔහු ලකුණු 108ක් රැස්කළේ හතරේ පහර 08ක් සහ හයේ පහර 07ක් සමගින්.

තරඟයේ දෙවන දිනය වන අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE