%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+135%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 13 August 2017 - 16:45
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමාවෙයි
167

Shares
20,123

Views
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුත්වන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත්වුණේ ලකුණු 135ක් පමණයි.

ශ්‍රී ලංකාව කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත්වුණේ නායක දිනේෂ් චන්දිමාල්.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 48ක්.

පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ශ්‍රී ලංකාව කණ්ඩායමේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 487ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 352ක් පසු පසින් සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා කළ ඉන්දීයාව තීරණය කළේ දෙවන ඉනිම ක්‍රීඩා කරනවා වෙනුවට ශ්‍රීලංකා කණ්ඩායමට දෙවන ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමටයි.
 
පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ දෙවන දිනය අදයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE