%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
Sunday, 13 August 2017 - 17:28
ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසය වෙනස් කළ පන්දුවාරය
374

Shares
44,956

Views
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුත්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 487ක් රැස් කිරීමට සමත්වුණා.

ඊයේ දිනට තරඟය නතරකරන විට කඩුලු 6ට ලකුණු 329ක් රැස් කරගෙන සිටි ඉන්දීය කණ්ඩායම ලකුණු 487ක් දක්වා ඉහළ ලකුණු සංඛ්‍යාවකට ඔසවා තබන්නට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ ප්‍රවේගකාරී ඉනිම සමත් වුණා.

ටෙස්ට් තරඟයකදී පන්දු ඕවරයක් තුල ඉන්දීය පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරන්නට පාණ්ඩ්‍යා සමත් වුනේ මලින්ද පුෂ්පකුමාර යැවූ පන්දුවාරයකදී ලකුණු 26ක් ලබා ගනිමින්.

හර්දික් පාණ්ඩ්‍යා රැස් කළ මෙම ලකුණු සංඛ්‍යාව 2014 වසරෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයකදී පන්දු ඕවරයක් තුල රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වීම විශේෂත්වයක්.

අද දින සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ පණ්ඩ්‍යා පන්දු 96කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 108ක්.

නවසීලන්තය කණ්ඩායම අතර 2014 වසරේ පැවති ටෙස්ට් තරඟයකදී සුරංග ලක්මාල්ගේ පන්දුවාරයකදී නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම්ද ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව මලින්ද පුෂ්පකුමාර ඉතිහාස ගතවන්නේ ටෙස්ට් තරඟයකදී පන්දු ඕවරයක් තුල වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසටයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන බ්‍රයන් ලාර දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟයකදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නකු වන රොබින් පීටර්සන්ගේ පන්දුවාරයකට ලකුණු 28ක් ලබාගෙන එම සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.  

එම පන්දුවාරය ඇතුලත් හර්දික් පාණ්ඩ්‍යාගේ  ප්‍රවේගකාරී ඉනිම පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE