%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
Sunday, 13 August 2017 - 19:34
ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව දැඩි උත්සාහයක
1,848

Views
සංචාරක ඉන්දීය පිළ සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 03 වන සහ අවසන් ටෙස්ට් තරඟය ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දැවැන්ත සටනක නිරත වීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

අවසන් තරඟයේ දෙවන දිනය වන අද, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී 135ක් වූ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර, පසුව ඔවුන් සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා යළිත් පිටියට පිවිසියා.

ඒ අනුව දෙවන දිනය සඳහා අද තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19ක්.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබා ගත් ලකුණු 487ට වඩා ලකුණු 333ක් පිටුපසිනුයි ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE