ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස එක්දින නායකයා කියයි

Tuesday, 15 August 2017 - 20:51

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස එක්දින නායක උපුල් තරංග ඉල්ලා සිටින්නේ යැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය නම්කරමින් ඊට අදාළ මාධ්‍ය නිවේදනය ඔවුන් නිකුත් කර තිබුණේ අද පස්වරුවේයි.

සෑම කණ්ඩායමක්ම පසුබෑම්වලට මුහුණදෙන බවත්, ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශවලින් සිය බලපරාක්‍රමය දරා සිටි කණ්ඩායම දැන් මුහුණදෙන අමිහිරි තත්වය හමුවේ එය අමතක නොකරන ලෙසත් උපුල් තරංග ඉල්ලා සිටින බවයි අදාළ නිවේදනයේ දැක්වුණේ.

උපාය මාර්ගික හේතු මත ඇතැම් කරුණු විවෘතව කථා කළ නොහැකියි. නමුත් නිසැක වශයෙන්ම තිරය පිටුපස ප්‍රතිඵල දකිනවා කෙසේ වෙතත් එහි ධනාත්මක බලපෑම් මතුපිටින් පෙනීමට තව යම් කලක් ගතවිය හැකියි. මදක් ඉවසා සිටින්න. වැදගත්ම කරුණ වන්නේ අප කෙරෙහි විශ්වාසය තබන්න. නැගී සිටින්නට අපට ශක්තියක් වන්න’’ යනුවෙන් උපුල් තරංග නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.