ශ්‍රී ලංකා ඉන්දියා පළමු එක්දින තරඟය හෙට

Saturday, 19 August 2017 - 12:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය හෙට (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

දිවා රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය දෙරට අතර පැවැත්වෙන 151 වැනි එක්දින තරඟය ලෙසටයි ඉතිහාසගත වන්නේ.

දෙරට අතර පැවති එක්දින වලදී අවස්ථා 83කදී ඉන්දියාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරඟ 55ක් ජයගෙන තිබෙනවා.

වසර 07කට පෙර එනම් 2010 වසරේදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අවසන් වරට පැවති තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දෙරට අතර එක්දින තරඟ 11ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 07 ශ්‍රී ලංකාව ජයගෙන ඉන්දියාව ජයගෙන ඇත්තේ තරඟ 04ක් පමණයි.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවති එක්දින තරඟ වලදී වැඩි ගෞරව හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වෙතත්  2014 වසරෙන් පසු දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවති එක්දින තරඟ පහේදී ශ්‍රී ලංකාව තරඟ 04ක්ම පරාජයවී තිබීම විශේෂත්වයක්.

අවසන් වරට එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව පරාජයවූ අතර ලසිත් මාලිංග ඉන්දියාවට එරෙහිව කුමක් සිදුකරයිද යන්න බොහෝ දෙනෙකුගේ අවධානය මෙම තරඟයට යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය පහතින්.

උපුල් තරංග (නායක). ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර, විෂ්ව ප්‍රනාන්දු