%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 21 August 2017 - 14:52
මලල ක්‍රීඩාවට සමුදුන් බෝල්ට් පාරට වැටෙයි (ඡායාරූප)
168

Shares
20,169

Views
මලල ක්‍රීඩාවට සමුදුන් බෝල්ට් පාරට වැටෙයි "

මලල ක්‍රීඩා පිටියට සමුදුන් සුපිරි මලල ක්‍රීඩක උසේන් බෝල්ට් සිදුකරන්න යන අලුත්ම වැඩේ ගැන මේ වනවිට ලොවපුරා සැමගේ අවධානය යොමුව තිබෙනවා.

ඔහු මෙලෙස ආරම්භ කරන්න යන්නේ fast-food restaurant එකක්.

මෙය  restaurant ජාලයක් විදියට එංගලන්තය පුරා ව්‍යාප්ත කරන්න බෝල්ට් බලාපොරොත්තු වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය බෝල්ට් විසින් නම්කර ඇත්තේ Tracks & Records නමින්.

මේ වනවිටත් බෝල්ට් ගේ හිමිකාරීත්වය සහිත fast-food restaurant එකක් ජැමෙයිකාවේ ක්‍රියාත්මක වනවා.

ඔහු මේ වනවිට සැලසුම් කර ඇත්තේ එංගලන්තය පුරා මෙවැනි අවන්හල් 15 ක් ආරම්භ කිරීමටයි.

මේ අතර ඔහුගේ මේ නවතම අවන්හලට යන පාරිභෝගිකයන්ට සුවිශේෂ වූ ආහාරයක් බෝල්ට් විසින් සැලසුම් කර තිබෙනවා.

එය නම්කර ඇත්තේ  “burgers a la Usain” නමින්.

ලෝකයක් ආදරය කරන මේ සුපිරි ක්‍රීඩා තරුව ආසම කරන ආහාරයත් burger බවයි වාර්තා වන්නේ.

මොහු මේ අලුත්ම සැලසුම ඉදිරි වසර 5 ක් තුලදී අවසන් කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE