%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+4+%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Thursday, 24 August 2017 - 12:49
අද පල්ලෙකැලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේම 4 වන හැටි මෙන්න
220

Shares
26,516

Views
අද පල්ලෙකැලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේම 4 වන හැටි මෙන්න"

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අද සහභාගිවන්නේ සිය 800 වන එක්දින ජාත්‍යන්තර තරගයටයි.

ඒ අනුව තරග 800 ක් ක්‍රීඩා කළ 4 වන රට බවටද  ශ්‍රී ලංකාව පත්වනවා.

තරගය පස්වරු 2.30ට ආරම්භවීමට නියමිත අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන  152 වන තරගය මෙයයි.

ශ්‍රී ලංකාව මීට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග 16 කට ක්‍රීඩා කර ඉන් 9 ක් ජයගෙන ඇති අතර තරග 7 ක් පරාජයට පත්ව තිබෙනවා.  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දඹුල්ලේ පැවති පළමු තරගය ඉන්දියාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළා.

කෙසේ වෙතත් අද තරගයට හොඳින් මුහුණදීමට කණ්ඩායම සූදානම් බවයි පල්ලෙකැලේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE