දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම ඩු ප්ලෙසිට බාර දෙයි

Tuesday, 12 September 2017 - 12:43

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ෆෆ් ඩු ප්ලෙසි පත් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ එම කණ්ඩායමේ නායකත්වය දැරූ ඒ.බී. ඩිවිලියර්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනය කරමින් ඩිවිලියර්ස් පවසා සිටියේ දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වයට තවත් ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බවටයි.

දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වූ  ඩු ප්ලෙසි මේ වන විට දකුණු අප්‍රිකානු ටෙස්ට් සහ විසයි විස්ස කණ්ඩායමේ නායකත්වයද හොබවනවා.

2015 වර්ෂයේදී පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු ඩුප්ලෙසි හට 2016 වර්ෂයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයද හිමිවුණා.
 
ඩුප්ලෙසි 2012 වසරේදී පන්දුවාර 20 තරඟයකදී පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබුවා.