%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9A%E0%B7%83+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+6%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%A2%E0%B6%B6%E0%B7%8F+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 12 September 2017 - 13:43
යුද හමුදා පැරා මේස පන්දු ශූරතාවය 6වන වරටත් ගජබා රෙජිමේන්තුවට
19

Shares
2,311

Views
යුද හමුදා පැරා මේස පන්දු තරගාවලියේ ශූරතාව 6වන වරටත් හිමිකරගැනීමට යුද හමුදා ගජබා රෙජිමේන්තුව සමත් වූවා.

එම තරඟාවලිය පසුගියදා සාලියපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනා.

එහිදී ඒකල තරඟයේ සහ යුගල තරඟයේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ තිලිණ තාරක අබේසිංහයි.

ඔහු මේස පන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණෙන්නේ තම අහිමි හුරු අත මත සියල්ල නොරැඳෙන බව පසක් කරමින්.

ජීවිතේ දිනන්න වෙරදරණ මිනිසුන් අතරේ තාරකගේ හැකියාව ලෝකෙට පෙන්නන්න තිබෙන එකම බාධාව වී ඇත්තේ දිළිඳුකමයි.

පුංචි දරු පැටියකුගේ සුරතල් බලන තාරක පැමිණෙන සියලු බාධක හමුවේ සිය ගමන ජයගන්න හිතේ තියන විශ්වාසය නම් අත්හැරියේ නෑ.

ඔහු තම අත අහිමිවීමෙන් පසුබට නොවී තම මීළඟ අරමුණ වෙනුවෙන් සූදානම් වන්නේ දහසක් බාධක මධ්‍යයේයි.

ඔහුගේ ඉල්ලීම වන්නේ තමන් වැනි තවත් ක්‍රීඩකයන්ට ලොවක් හමුවේ හැකියාව පෙන්වන්න අවස්ථාවක්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE